චිකුන්ගුන්යා

චිකුන්ගුන්යා

චිකුන්ගුන්යා යනු ඊඩීස් මදුරුවන් විසින් සම්ප්‍රේෂණය කරන ආබෝ වයිරස් රෝගයකි. වෛරසය ප්‍රථම වරට හමුවූයේ 1953 දී ටැන්සානියාවේ ය.

මෙම රෝගය සාමාන්‍යයෙන් උග්‍ර රෝගයකින් සමන්විත වන අතර උණ, කැක්කුම ඇති වේ. වෛරසය සහ රෝගය යන දෙකටම භාවිතා වන චිකුන්ගුන්යා යන වචනයේ අර්ථය සමහර නැගෙනහිර අප්‍රිකානු භාෂාවලින් “නැමී ඇවිදින්න” යන්නයි. මෙය ඩෙංගු වැනි ආසාදනය සංලක්ෂිත සන්ධි වේදනාවේ බලපෑම ගැන සඳහන් කරයි.

චිකුන්ගුන්යා යනු නිවර්තන කලාපීය රෝගයකි, නමුත් එය භූගෝලීය වශයෙන් සීමා කර ඇති අතර, පැතිරීම සාපේක්ෂව අසාමාන්‍යය. එය ඉඳහිට නිරීක්ෂණය කරනු ලබන්නේ සංචාරකයින් සහ හමුදා නිලධාරීන් තුළ පමණි. රියුනියන් හි අඛණ්ඩව පැතිර යන කාලය තුළ පුද්ගලයින් 266 000 කට වඩා ආසාදනය වී ඇති අතර, ඒඩීස් ඇල්බොපික්ටස් අනුමාන වාහකයා වේ. ඊඩීස් ඊජිප්ටි අනුමාන වාහකයා වන ඉන්දියානු පැතිර යාමේ දී, 2006 දී චිකුන්ගුන්යා රෝගීන් 1 400 000 ක් වාර්තා විය.

ඉන්දියානු උප මහද්වීපයේ චිකුන්ගුන්යා යලි ඉස්මතු වීමට හේතු සහ ඉන්දියානු සාගර කලාපයේ පෙර නොවූ විරූ සිදුවීම් අනුපාතය පිළිබඳව පැහැදිලි නැත. සංචාරක කර්මාන්තය වැඩි දියුණු වී  තිබීම, චිකුන්ගුන්යා වෛරසය  දැනුමින් අඩු ජනගහනයක් අතර ව්‍යාප්තව තිබීම සහ වෛරස් විකෘති වීම පිළිගත හැකි පැහැදිලි කිරීම් අතර වේ.

නැවත ඉස්මතු වීම

පසුගිය දශකය තුළ, ඊඩස් එස්පීපී මදුරුවන් විසින් සම්ප්‍රේෂණය කරන ලද චිකුන්ගුන්යා නම් වෛරසය අප්‍රිකාව, දකුණු හා ගිනිකොනදිග ආසියාව සහ ඉන්දියන් සාගර දූපත් වල නැවත මතුවී ඇත්තේ මිනිස් රෝගීන්  විශාල වශයෙන් පැතිරීම හේතුවෙනි. මෙම රෝගය උණ, හිසරදය, කැසීම සහ උග්‍ර හා නොනැසී පවතින ආතරල්ජියා මගින් සංලක්ෂිත වේ. මෙම රෝගය දරුණු රෝගාබාධ ඇති වීම මෙන්ම මාරාන්තික ද විය හැක. 2005 සිට, වෛරසය නිවර්තන කලාපීය ප්‍රදේශවලට ආවේණික වන නමුත් ඊඩීස් ඇල්බොපික්ටස් යුරෝපයට හා ඇමරිකාවට ව්‍යාප්ත වීමත්, ආවේණික ප්‍රදේශවලින් ආපසු පැමිණෙන ආසාදිත සංචාරකයින්ගේ ඉහළ යාමත් සමඟ මෙම වෛරසය නව ආවේණික කලාපයන්හි ස්ථාපිත වීමේ අවදානම වැඩි කරයි. එමනිසා සම්මන්ත්‍රණය මගින් මෙම රෝගය නැවත ඉස්මතු වීම, සායනික ප්‍රකාශනයන්, වෛරස් මගින් ඇති කරන ආත්‍රල්ජියා වල ව්‍යාධිජනකය, රෝග විනිශ්චය කිරීමේ ක්‍රම සහ විවිධ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අවධානය යොමු කෙරේ.

ශ්‍රී ලංකාවේ

චිකුන්ගුන්යා (CHIKV) යනු ශ්‍රී ලංකාවේ සැලකිය යුතු මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස මෑතකදී මතුව ඇති අතර එය  චිකුන්ගුන්යා නම් වෛරසය නිසා ඇති වන මදුරුවන්ගෙන් බෝවන රෝගයකි.

ශ්‍රී ලංකාවේ CHIKV යලි ඉස්මතු වීම දශක හතරක් දැකිය නොහැකි වු අතර පසු 2006 නොවැම්බරයේදී (හපුආරච්චි සහ වෙනත්, 2008) තහවුරු විය. (මුනසිංහ සහ වෙනත්, 1966). ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන වලට අනුව 2006-2007 කාලය තුළ ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 40,000 කට ආසන්න සංඛ්‍යාවක් හා 2008 දී ඒ හා සමාන සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇත. එහෙත්, 1960 දශකයේ මුල් භාගයේ දී පළමු වසංගතය වාර්තා වූ බැවින් චිකුන්ගුන්යා වෛරසය ශ්‍රී ලංකාවට ආගන්තුකයෙකු නොවේ. 2006 ඔක්තෝබර් මැද භාගයේ ආරම්භ වූ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පළමු මාස ​​කිහිපය තුළ රෝගීන් 37,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා විය.

මෙම රෝගය සම්ප්‍රේෂණය වන්නේ ශ්‍රී ලංකාවෙන් හමුවන ඩෙංගු උණ සහ චිකුන්ගුන්යා යන දෙකෙහිම වාහකයා වන ඊඩීස් මදුරුවා විසිනි. නාගරිකව සුලබව හමුවන මදුරුවෙකු වන අතර පැහැදිලි ජලයේ බෝ වේ. කෙසේවෙතත්, නිවෙස්වල අධික තදබදය නිසා සනීපාරක්ෂාව දුර්වල වීමටත් මදුරුවන් බෝවන ස්ථාන ව්‍යාප්ත වීමටත් හේතු වී ඇත. ඉන්දියාවේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ඉහළ ජනඝනත්වය, ප්‍රමාණවත් වාහක  පාලනයක් නොමැතිකම සහ සනීපාරක්ෂාව දුර්වල වීම වැදගත් හා අවදානම් සාධක බවයි.

1965 දී චිකුන්ගුන්යා රෝගය ව්‍යාප්තව යාමෙන් 2006 දීට වඩා අඩු සන්ධි රෝග හා ආතරයිටිස් සංකූලතා වාර්තා වී ඇත. 2006 දී ඉන්දියානු සාගරයේ වසංගතය පැවති සමයේ ශ්‍රී ලංකාව තුළ චිකුන්ගුන්යා රෝගය වැළඳී ඇති බව වාර්තා වේ.

අවාසනාවකට මෙන්, නිදන්ගත ආතරයිටිස් ආබාධිතභාවය කළමනාකරණය කිරීම සඳහා එහි ස්වාභාවික සුව වීම සහ රෝග ලක්ෂණ සමනය කිරීම හැරෙන්නට වෙනත් සාක්ෂි පදනම් කරගත් ප්‍රතිකාර ක්‍රමයක් නොමැත. එබැවින්, නිදන්ගත ආබාධිතභාවය පිළිබඳ හා ව්‍යාධි විද්‍යාව  පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීම සහ ඵලදායී ප්‍රතිකාරක්‍රමයක්  සොයා ගැනීම පමුඛ කාර්යයකි.

  • Hapuarachchi, H.C., Bandara, K.B.A.T., Sumanadasa, S.D.M., Hapugoda, M.D., Lai, Y.L., Lee, K.S., Tan, L.K., Lin, R.T., Ng, L.F., Bucht, G. and Abeyewickreme, W., 2010. Re-emergence of Chikungunya virus in South-east Asia: virological evidence from Sri Lanka and Singapore. Journal of General Virology, 91(4), pp.1067-1076.
  • Kularatne, S.A.M., Gihan, M.C., Weerasinghe, S.C. and Gunasena, S., 2009. Concurrent outbreaks of Chikungunya and Dengue fever in Kandy, Sri Lanka, 2006–07: a comparative analysis of clinical and laboratory features. Postgraduate medical journal, 85(1005), pp.342-346.
  • Kularatne, S.A., Weerasinghe, S.C., Gihan, C., Wickramasinghe, S., Dharmarathne, S., Abeyrathna, A. and Jayalath, T., 2012. Epidemiology, clinical manifestations, and long-term outcomes of a major outbreak of chikungunya in a hamlet in Sri Lanka, in 2007: a longitudinal cohort study. Journal of Tropical Medicine, 2012.